අජන්ත කුමාර අගලකඩ
යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසදීමට අදාළ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (17) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලැබු බව වාර්තා වේ.
එම යෝජනාව මුදල් අමාත්‍යාංශයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා අද දිනයේම යොමු කරනු ලැබු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මුදල් අමාත්‍යංශය නිරික්ෂණ ලබාගෙන ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇත.
යුද්ධයේදී ආබාධිතවූ රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වලට අවුරුදු 55 න් පසුවද සම්පුර්ණ වැටුප ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී ඉකුත් දා සත්‍යග්‍රහයක් ද ආරම්භ කළහ.
එම ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත.

