ආබාධිත කපිතාන් රිමාන්ඩ්
හොලිවුඞ් නිළියක වන ජිලාන් ඇන්ඩර්සන් (37) මුදල් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි සැකපිට ආබාධිත කපිතාන්වරකු වන අනුර රත්න බණ්ඩාර ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කෙළේය.
නිට්ටඹුව පස්යාලේ හොලිවුඩ් නිළිය සතු දේපොළක් පාලනය කිරීම බාරගත් ඔහු එම වත්තට විදුලිය ගැනීම සඳහා දුන් රුපියල් ලක්ෂ 68ක් ද, රුපියල් 275000ක් වටිනා රූපවාහිනියක් ද වංචා කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

