
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී )
ගෑස්, තිරිඟු පිටි සහ කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ සියලුම ආභාර සහ පාන වර්ගවල මිල ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියෝ පවසති.
ඒ අනුව ආප්පයක් රුපියල් 10 කින් සහ කිරි තේ එකක් රුපියල් 20 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත් ඊට සමාන්තරව සෙසු ආහාර වර්ගවල මිල ද ඉහළ යනු ඇති බවත් ආපනශාලා හිමියෝ වැඩිදුරටත් පවසයි.

