ආපසු ආ යුද සරණාගතයෝ දුක කියති


(රොමේෂ් මධුෂංඛ)


යුද්ධය හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා උතුරේ සිට ඉන්දියාවට ගොස් යුද්ධය අවසන් වූ පසු නැවත උතුරට පැමිණ ඇති ජනතවට නැවත පදිංචි වීමෙන් පසුව ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට එම වැසියෝ කියා සිටිති.


ඉන්දියාවේ සිට පැමිණ වැසියන් කියා සිටින්නේ මේ දින වල වැඩි වශයෙන්ම පීඩා විඳින්නේ තම දරුවන් වෙනුවෙන් උද්ගතව ඇති ගැටලු සහග තත්වයන් නිසාවෙන් බවටය.


එනම් ඉන්දියාවට ගොස් සිටියදී උපත ලැබූ දරුවන්ට ඉන්දියාවේදී ලබා දුන් උප්පැන්න සහතික උතුරේ පිහිටි පාසල් වෙතට දරුවන් බඳවා ගැනීමට යාමේදී එම උප්පැන්න සහතිකය පිළි නොගැනීමෙන් එම දෙමාපියන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන බවටද කියා එම වැසියන් කියා සිටියහ.


එමෙන්ම ඉන්දියාවේ සිටියදී අධ්‍යපනය හැදාරා සාමාන්‍ය පෙළ සමත් දරු දැරියන්ට ඉන්දියාවේදී ලබා දී ඇත්තේ ඒ- ප්ලස් හා උසස් පෙළ සමත් දරු දැරියන් ලබා ඇත්තේ ටූ- ප්ලස් වශයෙනි.


නමුත් එම අධ්‍යාපන සුදුසුකම් සමඟ ඉන්දියාවේ සිට පැමිණි උතුරේ දැරියන් රැකියා සම්මුක පරික්ෂණ සඳහා පෙනී සිටීමේදී එම සම්මුඛ පරික්ෂණ වලින් පිළිනොගැනීම නිසා ඉවත් වීමට සිදුවීම දැඩි අසාධාරණයක් බවටද එම වැසියන් කියා සිටිති.


මේ හේතුව නිසා අදාල ගැටලුව උතුරු පලාත්සභාවටද යොමු කොට ඇති අතර ඉන්දියාවේ සිට පැමිණි වැසියන් හට යම් සාධාරණයක් ලබා දෙන ලෙසට එම වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.