(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රත්නපුර, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇත.
නායයාම්, නිවෙස් මතට පස් කඳු කඩා වැටීම් සහ ජලයේ ගිලීම හේතුවෙම් මෙම මරණ සිදුව ඇත.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පවුල් 67,564කට අයත් 2,70,912 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

