(ඩයනා උදයංගනී / ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
දිවයිනේ පළාත් 6ක දිස්ත‍්‍රික්ක 15ක කට බල පා ඇති තද වැසි හා තද සුළං හේතුවෙන් මේ වන විට පවුල් 14,607 කට අයත් පුද්ගලයින් 55,855 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනකු මියගොස් තවත් 8 දෙනකු අතුරුදන් වී සිටින අතර තවත් පුද්ගලයින් 30 දෙනකු තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කළුතර, ගම්පහ, මොනරාගල, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර හා කෑගල්ල යන දිස්ත‍්‍රික්කවලට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ඔහු ස`දහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ දිස්ත‍්‍රික්කයන්හි නිවාස 430ක් පූර්ණ වශයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 11,597 කට අර්ධ හානි සිදුව ඇත.
මේ වන විට අවතැන් වූ පවුල් 901කට අයත් 3279 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 28 රැ`දී සිටින බව ද කොඩිප්පිලි මහතා ස`දහන් කළේය.
මේ අතර අද පෙරවරු 10 වනවිට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක පවුල් 5195 ක පුද්ගලයින් 19311 ක් විපතට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් කළමනාකරණ ඒකකය පවසයි.
පුර්ණ හානිවූ නිවාස 128 ක් වන අතර අර්ධ හානිවූ නිවාස ගණන 5042 කි. පුද්ගල මරණ 03 ක් වාර්තා වී තිබේ. මෙම මරණ වාර්තාවී ඇත්තේ අම්බලන්ගොඩ, සහ ඇල්පිටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලිනි. අතුරුදන් වුවන්ගේ ගණන 9 කි. එම අතුරුදන්වීම් අම්බලන්ගොඩ,බලපිටිය, සහ හික්කඩුව යන ප‍්‍රදේශවලින් වාර්තා වි තිබේ.

