ආපදා මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළට


(ඩයනා උදයංගනී)         
      
තද වැසි හා සැඩ සුළං සමඟ ඇති වූ කාලගුණයේ වෙනස්වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මුහුදු ගොස් අතුරුදන් වී සිටි ධීවරයින් තිදෙනෙකුගේ සිරුරු අද (1) පස්වරුවේ සොයාගැනීමෙන් පසු මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
      
ගාල්ල දිස්ත‍්‍රික්කයේ තවත් ධීවරයින් සිව් දෙනෙකු හා මාතර එක් අයෙකු ඇතුළු පස් දෙනෙක් තවමත් අතුරුදන් බව ද ඔහු සඳහන් කළේය.

දිවයිනේ පළාත් 6ක, දිස්ත‍්‍රික්ක 15 කට බල පා ඇති තද වැසි හා සැඩ සුළං හේතුවෙන් මේ වන විට පවුල් 18,752 කට අයත් පුද්ගලයින් 61,125 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.