(ඩයනා උදයංගනී)
දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 27,064 කට අයත් පුද්ගලයින් 105,352 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අකුණු සැර වැදීම්, දියේ ගිලීම්, ඉවුරු හා ගස් අතු කඩාවැටීම් හේතුවෙන් මේ වන විට මරණ 11ක් වාර්තා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
පවතින ගං වතුර හා නායයෑම් අවදානම හේතුවෙන් පවුල් 10,688 කට අයත් පුද්ගලයින් 40,491 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුහු ආරක්ෂිත ස්ථාන 220 ක රඳවා සිටිති.
ආපදා නිසා ලක්ෂයක් පීඩාවට - 11ක් මරුට
Recommended Articles