ආපදා කළමනාකරණයෙන් දකුණට බෝට්ටු


ගංවතුර අවදානම පවතින දිස්ත්‍රික්කවල සහන කටයුතු සඳහා යෙදවීමට යාන්ත්‍රික බෝට්ටු බෙදා දීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය සැරැසෙයි.

චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග ලෙස ලැබුණු යාන්ත්‍රික බෝට්ටු 50න් 25 ක් මෙසේ බෙදා දීමට කටයුතු යොදා ඇත.

දකුණු පළාතේ බරපතල ලෙස ගංවතුර උවදුර පවතින ප්‍රදේශවලට මෙම බෝට්ටු බෙදා දෙන බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය.