(ඩයනා උදයංගනී)
ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු බළකායක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව විසින් ආසියානු කලාපීය ආපදා කළමනාකරණ සමුළුවේදී ඉදිරිපත් කළ යෝජනාවට එහිදී ඒකමතිකව අනුමැතිය හිමිවී තිබේ.
මෙම සමුළුව මොංගෝලියාවේ උලම්බටාර් අගනුවරදී දින 4ක් පුරා පැවති අතර එය ඊයේ (8) නිමාවට පත්විය.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම සමුළුව නියෝජනය සඳහා වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහභාගී විය.
මෙහිදී ශ්‍රී ලංකා යෝජනාව ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ආපදා ඇතිවීම හා දේශගුණික විපර්යාස සමස්ත ආසියානු කලාපයටම පොදු වූ බරපතල ගැටළුවක් බවයි.
එම තත්ත්වයන් ස ඳහා ආසියාවේ රටවල් වෙන් වෙන් වශයෙන් මුහුණ දීමට වඩා සියළු රටවල් එක්ව සහයෝගයෙන් කි‍්‍රයාත්මක වීම ඉතා වැදගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සමුළුව අමතමින් සඳහන් කර තිබේ.
සමුළුවේදී ඉදිරිපත් වූ වැදගත්ම යෝජනාවක් ලෙසද එහිදී මෙම යෝජනාව ඇගයීමට ලක්ව තිබේ.