ආනා සෙනෙවිරත්න කළුරිය කරයි


හිටපු පොලිස්පතිවරයෙකු හා මලයාසියාවේ තානාපතිවරයෙකු වූ ආනා සෙනෙවිරත්න (88) මහතා අභාවප්‍රාප්ත විය.

හෙයියන්තුඩුව සපුගස්කන්දේ ඉපදුණු ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය දිනාගත් සෙනෙවිරත්න මහතා පසුව එල්.එල්.බී නීති උපාධියද දිනාගත්තේය.

සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවය කළ සෙනෙවිරත්න මහතා ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකු විය.රාජ්‍ය සේවා කොමිසමේ උපදේශකයෙකු ලෙසද ක්‍රියාකළේය.

මාතර ආතර් වීරතුංග මහතාගේ එකම දියණිය සමග විවාහවූ ඔහු දෙදරු පියෙකි.