ආනවිළුන්දාව හානිය සොයා බලන්න සිව් පුද්ගල විශේෂ කමිටුවක්



(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සංවේදි හා අධිසංවේදී පරිසර පද්ධතියක් වන ආනවිළුන්දාව රැම්සා අභය භුමියේ හානිය පිළිබඳව සොයාබැලීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව වනජීවි හා වන සම්පත් අමාත්‍ය සී.බී.රත්නායක මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පවසා සිටියේ ආනවිළුන්දාව රැම්සා අභය භුමියට පිරිසක් ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් ඉස්සන් ටැංකි සැකසිමේ අරමුණින් සිදුකර ඇති හානිය සම්බන්ධව සොයා බැලීමට පැමිණීමෙන් අනතුරුවය.

ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම සිව් පුද්ගල කමිටුව සඳහා වනජීවි අමාත්‍යාංශ ලේකම් ඇතුළුව පුත්තලම දිස්ත්‍රික් ලේකම්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් හා  පුත්තලම නියෝජ්‍ය පොලිස්පති යන නිලධාරින් මේ සඳහා නම් කර ඇති බවයි .

ආනවිළුන්දාව රැම්සා අභය භුමියේ විශේෂ නිරීක්ෂණයට එක්වූ ඇමතිවරයා මෙම කමිටුව පත් කිරීම සිදුවූ අතර එය සතියක් ඇතුළත ලබා දෙන්නැයි අදාල නිලධාරීන්ට එම ස්ථානයේදීම දැනුම් දීම සිදුවිණි.

එසේම තමන්ට ලැබුණු තනතුර කිසිඳු අයුරකින් කටු ඔටුන්නක් කර නොගෙන සියලුම පරිසර පද්ධති ආරක්ෂා කරමින් වනජීවින්ට හා මිනිසුන්ට නිදහසේ ජීවත් වීමේ පරිසරය නිර්මාණය කරන බවද හෙතෙම පැවසීය.

 ඇමතිවරයා රැම්සා තෙත් බිමේ හානිය සිදුව තිබු ස්ථානයේ පැයකට ආසන්න කාලයක් රැදි සිටිමින් නිළධාරින්ගෙන් සමග දිර්ඝ සාඛජ්ජාවක් පැවැත්විම සිදුවිනි .

එහිදී මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබා දී ඇති බවත් අදාල සිව් පුද්ගල කමිටු වාර්තාව ලැබීමෙන් පසුව එය ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මෙහි වරද කරඇත්තේ කවුරුන්ද යන්න තමාට අදාල නැති බවත්, එයට සම්බන්ධ සියලු දෙනාටම නීතිය එකලෙස ක්‍රියාත්මක කරන බවටත් මෙහිදී පොරොන්දුවන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසුව ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.
ඒසමගම ඉන් පසුව එම ස්ථානයට පැමින සිටි රාජ්‍ය නිලධාරින් සමග ඉදිරියේදි ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡාවක්ද සිදුකෙරිණි.