
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබලදීමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි.
මේ වන විට බන්ධනාගාර ගත කර සිටින මෙම රැම්සා තෙත් බිම ඩෝසර් කිරිමට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින් පොලිසියට කර ඇති පාපොච්චාරණය අනුව අදාල සිද්ධියට ආධාර අනුබල දිමේ චෝදනාවට මෙම ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව කියයි.
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් පිංකට්ටිය කාසන්තිව් ප්‍රදේශයේ බිමක් පසුගිය 25 දින රාත්‍රියේ හා පසුදින පැය 10 කට ආසන්න කාලයක් ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින් ඉස්සන් ටැංකි සකසා තිබු බව කියයි.
මෙම සිද්ධියට මේ වන විට ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු හා පොකුණු ඉස්සන් වගාවන් සිදුකරන ව්‍යාපාරිකයකු බන්ධනාගාර ගත කර සිටි.
එම ඩෝසර් කිරිමට මේ වන විට පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමට නියමිත ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා ප්‍රදේශයෙන් නොමැති බව අදාල සැකකරුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් පවසයි.
කෙසේ වෙතත් මෙම සැකකරු සොයා පොලිස් බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ගනනාවක් විමර්ශන අරඹා ඇති බව කියයි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස් පතිවරයා පවසා සිටියේ අදාල සැකකරු ඉදිරි දින කිපය තුළ පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.



