අමල් වික්‍රමරත්න
වැටුප් විෂමතාවයක් මුල්කරගනිමින් කොලඹ වරායේ ආනයනික අංශයේ රේගු නිලධාරීන් අද (01) සිට අතිකාල සේවයෙන් ඉවත්වී අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පැවසීය.
2006/6 චක්‍රලේඛනයකින් ඇතිවූ වැටුප් විෂමතාවයක් පිලිබඳව 2010 වසරේ සිට ජනාධිපතිවරුන් දෙදෙනෙකුටත් හිටපු සහ වත්මන් මුදල් අමාත්‍යවරුන්ටත් වැටුප් කොමිසමටත් අදාළ සියලු දෙනාටත් මේ ප්‍රශ්නය විසදීමට ක්‍රියා කරන්නැයි ඉල්ලුවද මේ දක්වා එය විසදීමට කිසිවකුත් ක්‍රියා නොකල බව පවසමින් අද (1) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයක නිරතවීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
අද ආරම්භවූ මෙම අකුරට වැඩ කිරීමේ කටයුත්ත නිසා ආනයනික අංශයට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බවත් අද සිට අතිකාල සේවයෙන් ඉවත්වීමටද තීරණය කළ බවත් සභාපති ලාල් වීරකෝන් මහතා පැවසීය.මෙම හේතුව නිසා කන්ටේනර් නිදහස් කිරීමේ ප්‍රමාදයන් ඇතිවිය හැකිබවද ඒ මහතා කීවේය.හෙට දිනයේත් මෙම අකුරට වැඩ සහ අතිකාල සේවයෙන් ඉවත්වීම සිදුකරන බවද රෙගු නිලධාරී සංගමයේ සභාපති ලාල් වීරකූන් මහතා පැවසීය.

