(මනෝප්‍රිය ගුණසේකර,ඩයනා උදයන්ගනී සහ ළහිරු හර්ෂණ)
ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අල අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති බැවින් මෙම බදු පැනවූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.
නුවරඑළියෙන් මෙවර සුවිශේෂි අස්වැන්නක් බලා පොරොත්තුවන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

