ආනයනය නවතා තිබූ රථවාහන 164ක් ආනයනයට අනුමැතිය


(ඩයනා උදයංගනී)

ආනයනය කිරීම නවතා තිබූ වාහන 164ක් ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

වසංගත තත්වය පාලනයට අවශ්‍ය වාහන ලෙස ජල බවුසර් 50ක්, ගිලන් රථ 52ක් සහ ඩබල් කැබ් රථ 62ක් මේ යටතේ ආනයනය කෙරෙන බව ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.