මහින්ද නිශ්ශංක
ඉන්දියානු සහන ණය වැඩපිළිවෙළ යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආනයනය කළ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වැනි දා සිට කොළඹ - කන්කසන්තුරය අතර මගී ප්‍රවාහනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
දැනට කොළඹ කන්කසන්තුරය අතර ධාවනය කෙරෙන උත්තරදේවී දුම්රිය වෙනුවට මෙම ද්විත්ව බලවේග කට්ටල දුම්රිය යොදවන බවද ඒ මහතා කීය.
මෙම ඉන්දීය දිවිත්ව බලවේග කට්ටල දුම්රිය මගී සේවයට එක්කිරිමට පෙර සිදුකළ ධාවන පරීක්ෂණ චාරිකා සාර්ථක බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.