ආනයන බලපත්‍ර නොගෙන හාල් රටින් ගේන්න අවසර දෙයි


(අංජුල මහික වීරරත්න)

ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. 

ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024-12-20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට තීරණය කරන ලදී.