ආනන්දයට ආනන්ද ජනක ගේට්ටුවක්


ශ්‍රී ලංකවේ පාසලකට ලබා දුන් ප්‍රථම ස්වංක්‍රීය අධි ආරක්ෂිත ප්‍රධාන ගේට්ටුව කොළඹ ආනන්ද විද්‍යාලයේදී පසුගියදා ස්ථාපිත කැරිණ.

කොළඹ ආනන්ද විද්‍යාලීය ආදී ආනන්දීය 91 කණ්ඩායමේ අනුග්‍රහකත්වය යටතේ විදුහල් මාතාවට ලබා දුන් ස්වංක්‍රීය අධි ආරක්ෂිත ප්‍රධාන ගේට්ටුව ආදී ආනන්දීය රණවිරු මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා අතින් සිසු අයිතියට පැවැරිණි.

ආනන්ද විදුහල්පති කිත්සිරි ලියනගමගේ, ආදී ආනන්දීය 91 කණ්ඩයම් සභාපති අනුජ ගුණරත්න යන මහත්වරුද මෙහි වෙති.

A DSC_0236 DSC_0239 DSC_0243 DSC_0245 DSC_0281 DSC_0295