(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්‍රචාර හමුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද(19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ උසාවියට බාර විය.
ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප මත ඔහු මුදා හැරිණි. ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කෙරිණි.

