ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආන්නද සංගරී මහතාගේ පුත් ගැරී ආනන්ද සංගරී (43) කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී සිටී.
ඔහු කැනඩා පුරවැසියෙකි.
කැනඩාවේ ස්කාබරෝ රෝග් පාක් ආසනය වෙනුවෙන් ලිබරල් පක්ෂයෙන් තරග කළ ඔහු ප්‍රතිවාදී අපේක්ෂක කන්සර්වේටිව් පක්ෂයේ ජෙරී බාන්ස් පරාජයට පත් කළේය.
ගැරී ආනන්ද සංගරී ලොව ප්‍රසිද්ධ මානව හිමිකම් පිළිබඳ නීති විශාරදයකු වේ. කැනඩාව වෙනුවෙන් ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දක්ෂතා දක්වා ඇත.
කාන්තරත්නම් ශාන්තිකුමාර නමැති කතෝලික පූජකවරයකුද කැනඩා මැතිවරණයට ඉදිරිපත්වූ තවත් ලාංකිකයෙකි.




