(එෆ්.අස්ලම්)
පක්ෂ විරෝධී ක්‍රියාවන් සහ දූෂණ වංචා චෝදනා මත ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.
ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කාත්තමුත්තු ගනේෂන් සහ සුමිත්‍රා ජෙගදීෂ්වරන් යන අයගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කළ බව ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරි මහතා පැවසීය.
මොවුන් දෙදෙනා කලක සිට පක්ෂයේ ප්‍රතිපත්තිවලට කොන්දේසිවලට පටහැනිව කටයුතු කරමින් සිට ඇති බවත් කල්මුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සිය බලතල අනිසි ලෙස හසුරුවමින් වංචා දූෂණ පවා සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් මේ හේතුව මත මොවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බවත් හෙතෙම කීය.
කල්මුණේ නගර සභාව නියෝජනය කරන මෙම දෙපළගේ මහ නගර සභා මන්ත්‍රීධූරය ඉවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ද ඉදිරි දින කිහිපය තුළ ගන්නා බවද කී සංගරි මහතා පාක්ෂිකයින්ට හෝ පක්ෂයට මොවුන් දෙදෙනා සමගින් මින් ඉදිරියට කිසිදු සම්බන්ධයක් නැති බවද කියා සිටියේය.

