
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් මූලස්ථානය ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කොට්ඨාසයේ (පාලන) ලෙස කටයුතු කළ සහකාරී පොලිස් අධිකාරීවරයායි.
2007 වර්ෂයේ සහකාර පොලිස් අධිකාරී විභාගය සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් අයදුම් පත්‍රයක් හා ලේඛන ලෙස සකස් කරන ලද මුදල් ගෙවීම් කුවි තාන්සියක් ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක එක මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල තෝරයාය නිවසේදී සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

