ආධාර අරන් ඉන්දියාවෙන් නැවක් එයි


(තිළිණි ද සිල්වා)
ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා වියලි ආහාර රැගත් පළමු ඉන්දිය නෞකාව කොළඹ වරායට ළඟාවී තිබේ.

අද(27) උදෑසන මෙම නෞකාව කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා විසින් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම ආධාර නිල වශයෙන් ලංකා රජයට බාර දෙන ලදී.


මේ අතර ආපදා සහන ⁣සේවා සඳහා සහාය වීමට ආපදා සහන සේවා නිලධාරීන් පිරිසක්ද පැමිණ ඇතැයි විදේශ අමාත්‍යාංශය කියයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා සහය වෙන්නැයි අදාළ සියලු ආයතනයන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා උපදෙස් දී වාර්තාවේ.