දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල තලා වරිගේ කළු අප්පු ඇත්තන් (114) දැනට අසරණ වී සිටියි.
එක් තැන් වී සිටින ඔහුට පිළිසරණක් වීමට නොමැතිව ඔහුගේ බිරිය ඌරු වරිගයේ ලොක්කි කනස්සල්ලෙන් පසුවන්නීය.ඔහුගේ වයස අවුරුදු 114 කියි අනුමානය කැරෙයි.
කළු අප්පු ඇත්තන්ට ඇද වන සෑදීමේ ඉඩ කඩ වැඩි නිසා වතුර මෙට්ටයක් භාවිත කරන්නැයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇත.‘වතුර මෙට්ටයක් තියා කොහු මෙට්ටයක් වත් ගන්නට අපිට වත්කමක් නැහැ’ යැයි ඔහුගේ බිරිය පවසයි.
ලොව වයස්ගතම ආදීවාසී නායකයා මෙන්ම ආදී වාසීන්ට අභිමානයක් වු කළු අප්පු ඇත්තන් තව ටික කාලයක් ජීවත් කැර ගැනීමට නම් කෑම බීම ආදී අනිකුත් පහසුකම් ටික ලැබෙනවානම් රැහේ ඇත්තන් සතුටු වන බව හේනානිගල ආදී වාසී නායක තලාවරිගයේ ගුණබණ්ඩියා කියයි.

