අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති දියණිය එම විදුහලේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම නීති විරෝධීව පැහැර හැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා සඳුදා (7) මානව හිමිකම් කොමිසන් සභාවේ අනුරාධපුර කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිට සිතාසි නිකුත් කර තිබේ.

