ආදි මානවකයා ඇට ආහාරයට අරන්


වසර හාරදහසකට පමණ පෙර මිනිසුන් ජීවත්වූ බවට හඳුනාගෙන ඇති වැලිගෙපොල ඉළුක්තැන්න ලුනුගල් ලෙනේ පුරාවිද්‍යා කැනීම් වලදී එම මිනිස් කොට්ඨාසය විසින් ආහාරයට ගන්නා ලද බව සැලකෙන ශාඛ කොටස් කිහිපයක් හමුවී තිබේ.

මෙම කැනීම් සිදු කරන මහාචාර්ය රාජ සෝමදේව මහතා පැවැසුවේ මෙම ඇට වර්ග හමුවීමෙන් පැහැදිලි වන්නේ ලුණුගල් ලෙනේ ජීවත්වූ මානවයින්ගේ සංක්‍රාන්ති සමයක් තිබු බවයි.

දඩයම් යුගයේ සිය කෘෂිකර්මික යුගයකට මෙම ගල්ලෙන වාසස්ථානය කරමින් ජීවත්වු මානවයින් ප්‍රවේශය ඇතැම් පෙනෙන බව මහාචාර්යවරයා කීවේය.

පුරාවිද්‍යා කැණිමේදී  හමුවු ශාඛ ඇට වර්ග විද්‍යාගාර පරික්ෂණයට යොමු කිරීමට නියමිතව තිබේ. එමගින් එම බීජ වල කාල නිර්ණය කළ හැකි බවද මහාචාර්ය වරයා කීවේය.

ඉළුක්තැන්න ලුණුගල් ලෙන කැනීම් වලදී ගල් මෙවලම් දහස් ගණනක් හමුවී තිබේ. එම කැනීමෙන් හමුවෙන සාධක මෙරට ඉතිහාසයට නව අරුතක් ගෙන එන බව මහාචාර්යවරයා කීවේය.