ආදාහනය නතර කරයි


හික්කඩුව නාරිගම දී මියගිය අසූ හතර හැවිරිදි දස සිල් මාතාවක ආදාහනය කිරීමට ඔන්න මෙන්න කියා තිබිය දී පොලීසිය උසාවි නියෝගයකින් දේහය අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කරාපිටිය රෝහලට යැවීය. දසසිල් මාතාවගේ දේහය ආදාහනය කිරීමට හික්කඩුවේ නාරිගම ඉඩමක චිතකය ඉදිකර තිබිණි.

03