ආදර සටනේදී එස්.පී.ටත් තුවාලයි


ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ 109 වැනි ක්‍රිකට් තරඟයේ දී ඇතිවූ කලබලයට මැදිවූ පොලීසියේ දෙදෙනකු ද මහින්ද විදුහලේ ආදි සිසුන් බව කියන සිව් දෙනකු ද තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.

ගාල්ල පොලිස් අධිකාරී කේ.ජී.කිර්තිරත්න මහතා ද පොලිස් කොස්තාපල් වරයකු ද තුවාල ලබා ඇත. අනෙක් සිව්දෙනා කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ දුවද්දී  වැටීමෙන් තුවාල ලබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.