(රංජන් කස්තුරි)
ආණ්ඩුවේ දේශපාලන රැස්වීම්වලට පාක්ෂිකයන් ප‍්‍රවාහනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි රැසක් ලැබී ඇතැයි එම කොමිසමේ ලේකම් හේමන්ත හේරත් මහතා ලංකාදීපයට පැවසීය.
එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන අතර ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ඒ පිළිබඳව තොරතුරු ලබාගන්නා බවද ලේකම්වරයා කීය.
ආණ්ඩුවේ නායකයන්ද සහභාගි වන රැස්වීම්වලට ලංගම බස්රථ යොදවා පාක්ෂිකයන් ප‍්‍රවාහනය කිරීමේ පැමිණිලිවලට අමතරව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධ පැමිණිලි ගලාඑමින් තිබෙන බවද හේරත් මහතා සඳහන් කළේය.
ඒ අතර හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නීතිවිරෝධී ක‍්‍රියාවන් නතර කිරීම සඳහා ඉකුත් සිකුරාදා විශේෂ කණ්ඩායමක් යොදවා මෙහෙයුමක් දියත් කළ බවද හේරත් මහතා පැවසීය.
මැතිවරණය ඉලක්ක කර ගනිමින් බඩු භාණ්ඩ බෙදාදීම, අනවසර කාර්යාල පවත්වාගෙන යාම, කටවුට් ආදිය ප‍්‍රදර්ශනය කිරීම, මාර්ග දෙපස කොඩි ආදිය ප‍්‍රදර්ශනය කිරීම හා රාජ්‍ය දේපොළ අනිසි ලෙස පරිහරණය කිරීම සම්බ්නධයෙන් වන සිද්ධීන් රැසක් එම මෙහෙයුමේදී නතර කළ අතර ඒ සම්බන්ධයෙන් නීති ක‍්‍රියාමාර්ග ගත් බවද මැතිවරණ කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේය.

