ආණ්ඩුවේ මැක්කන් කලබල වෙලා


බල්ලාගේ ඇඟේ උෂ්ණත්වය මත ජීවත් වන මැක්කා බල්ලා මැරෙනකොට කලබල වන බවත්, ආණ්ඩුව පළවා හරින්නට හැකියැයි කියන  රතු සංඥාව නිකුත් වීමත් සමග ආණ්ඩුවේ මැක්කන් කළබළ වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.

‘ප්‍රගිතිශීලී බලවේග එක්රැස් වෙනවා. එය වැළැක්වීමට උගුළුත් ඇටවෙනවා. ජනතාව මේ තත්ත්වය හොඳින් තේරුම් ගත යුතුයි. එසේ නොවුණහොත් අවසානයේ රැවටෙන්නේ ඔවුන්මයි.