(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරයා විසින් ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.
රටට හා ජනතාවට සුභවාදි යෝජනා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුළත් විය යුතු බවත් එසේ නොවුණ හොත් අනිවාර්යයෙන්ම මෙම විවාදය ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
කෙසේ වෙතත් ලබන සතියේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා කීය.