(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්ටද පවරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ .
ඇතැම් ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ දී අදාල දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පවා පියවර නොගන්නේ යැයි ද එම මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨයනට ප්‍රකාශ කර ඇත.
ආන්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනකු ඉකුත්දා හමුවී තම දුක්ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇති ගැටලු ජනාධිපතිවරයා ත් අගමැතිවරයාත් හමුවී ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවට එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ඔවුන්ට පොරොන්දු වී ඇතැයි ද ද වාර්තා වේ
මේ අතර රජය ගන්නා ඇතැම් තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස තමන් දැනුවත් නොකරන බවටද පසුපෙළ මන්ත්‍රීවරුන් රජය ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .

