සුජිත් හේවාජුලිගේ
‘ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු ළඟදීම අපට එකතු වෙනවා.‘ යැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
අපෙන් කිසිවකුත් ආණ්ඩුවට යන්නේ නැහැ.‘ යැයි ද ඔහු කීය.
වීරක්කොඩි මහතා මේ බව කීවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
‘අපි අට වැනි දා විපක්ෂයේ අසුන් ගන්නවා. ඒ තීරණයේ කිසිම වෙනසක් නෑ. අපි ලන්ඩනයට ගිහින් ජනාධිපතිතුමා හමුවෙලා ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණා. අපි විපක්ෂයේ වාඩි වෙන්නේ ආණ්ඩුව පෙරළන්නයි. ‘