ආණ්ඩුවේ ගිවිසුමට කුඩා පක්ෂත් ඇතුළු කරගන්නලු


අජන්ත කුමාර අගලකඩ
 
ආණ්ඩුවේ ඉදිරි මාස 18ක කාලය සඳහා ප්‍රධාන පක්ෂ දෙක අතර අත්සන් කිරීමට නියමිත එකඟතා ගිවිසුමට තමන්ද ඇතුළත් කර ගන්නැයි ආණ්ඩුවේ සිටින අනෙකුත් පක්ෂවලින් ද ඉල්ලීමක් ඉදිරිපත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
 
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරග කර ආණ්ඩුවේ සිටින සුළු පක්ෂ ගණනාවක් මෙම ඉල්ලීම කර ඇති බව ද වාර්තාවේ.
 
රාවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.