ආණ්ඩුවේ ඉන්නවාදැයි ශ්‍රීලනිප තීන්දුව මැයි අටෙන් පසු


අජන්ත කුමාර අගලකඩ
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න ලබන අට වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට අද පැවැති ශ්‍රීලනිප මධ්‍යම කරක සභාවේදී තීරණය විය.

 
කොළඹ හත මළලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්විණි.
 
මැයි හත් වැනිදාත් මැයි 15 වැනිදාත් අතර මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම පැවත්වා එහිදී අවසන් තින්දුව ගැනීමට නියමිතය.