ආණ්ඩුවෙන් ‘ජීවන බර ප්ලස්‘ දීලා


ආණ්ඩුවේ ඉල්ලීමට අනුව සියල්ල ඉවසාගෙන අමාරුවෙන් පටි තද කරගෙන සිටින ජනතාවට යුද්ධය අවසන් වුණාට පසුව පොරොන්දු වූ සහන වෙනුවට රාජපක්ෂ ආණ්ඩුව ‘ජීවන බර ප්ලස්‘ දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරගමදී පැවැසීය. වැඩි වැටුප් ඉල්ලූවිට ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි වන්නේ යැයි ද ජීවන බර වැඩිකර ජනතාව හාමතේ මරා දැමීමට සැරසෙන රාජපක්ෂ ආණ්ඩුව වහාම පෙරළා ජනතාවට සහන සැලසිය හැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇති කිරීමට ඇප කැප වන්නේ යැයි ද ඔහු කීවේය.