ආණ්ඩුවෙන් ඉවත් වු 16 සමඟ විශේෂ සාකච්ඡාවක්


(නිමල කොඩිතුවක්කු )

ආණ්ඩුවෙන් ඉවත් වු  16 කණ්ඩායම   ඒකාබද්ධ විපක්ෂයේ  නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ  ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිදු කෙරෙන  විශේෂ සාකච්ඡාවක් මහරගම පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේදී මේ වන විට පැවැත්වේ.

16 කණ්ඩායම නියෝජනය කරමින්  සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා,තිලංග සුමතිපාල,චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන යන මන්ත්‍රීවරු මේ වන විට මෙම සාකච්ඡාවට එක්ව සිටිති.  

(ඡායාරූපය -ඉෂාන් සංජීව )