( අංජුල මහීක වීරරත්න )
විශ්වාස භංගය ආණ්ඩුවටත් අග්‍රාමාත්‍යවරයාටත් විශ්වාසය පළ කරන යෝජනාවක් බවට පත් කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආංශු මාරසිංහ මහතා අද (27) මාධ්‍ය හමුවකදී පැවසීය.
අප්‍රේල් 04 වැනිදා විශ්වාසභංගය පරාජය කිරීමෙන් පසුව ආණ්ඩුවේ කුණු සුද්ධකර අලුත් ගමනක් යාමට පටන් ගන්නා බවද මන්ත්‍රීවරයා කීය.
විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුවට විරුද්ධ මන්ත්‍රීවරු කවුරුන්දැයි හොදින් වටහා ගන්නට හැකි බව කී මන්ත්‍රීවරයා ඒ පිරිස ඉවත් කර පැහැදිළි ගමනක් යාමට විශ්වාස භංගය ශක්තියක් බවද පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එජාප මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.