ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට


(ශාන්ත රත්නායක)

රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව  අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින්  කථානායක කරූ ජයසූරිය මහතාට බාරදුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණු  නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එම අවස්ථාවට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත්,  නිහාල් ගලප්පති බිමල් රත්නායක ද සහභාගීව සිටියහ.