ආණ්ඩුවට එක්වු කරුණු කියයි


ජාතික ආණ්ඩුවේ පැවැත්ම තියෙන්නේ සාමුහික වගකීමත්  විශ්වාසයත් ආරක්ෂා කරමින් පක්ෂ භේදයකින් තොරව ජනතාව වෙනුවෙන්  සේවය කිරිම යන කරුණත් එක්කයි. දින සියයේ ජාතික  ආණ්ඩුවට  වඩා  ජනතාව අතරට  යා හැකි  ප්‍රබල අමාත්‍යාංශ ගණනාවක්  අපේ පක්ෂයට  මෙවර  ලැබී තිබෙනවා. මේ තත්ත්වය යටතේ  පක්ෂයක් ලෙස අපට ජනතාව වෙනුවෙන් ඉදිරියේ දී  ප්‍රබල හඩක් නැඟිය හැකි යැයි  කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා  රත්නපුර  දොඩම්පේ දී පැවසුවේය.

“අපේ ප්‍රදේශවල ජනතා ප්‍රශ්න වලට  රජය වෙනුවෙන්  මැදිහත් වෙන්න ඔවුන්ගේ  ඉල්ලීම් ඉටු කරන්න මෙතෙක්  නොවිසදුණු ජනතා  ප්‍රශ්න විසඳා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.”

ජාතික ආණ්ඩුවෙන් නතර කළ  සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරිම කෙරෙහි  විශේෂ අවධානයක්  යොමු කරනවා . තනතුර,  වරප්‍රසාද බලාගෙන ආණ්ඩුව එක් වුණු බවට ඇතැමුන්  චෝදනා  කරනවා .  එසේ  තනතුරු ගැනීම නිසා පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තහවුරු වන බව ඔවුනට  කිව යුතුයි.