නාලක සංජීව දහනායක
මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා ජාතික මට්ටමේ අරගලයක් කිරීමට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
එමෙන්ම ආණ්ඩුවේ විදේශප්‍රේමී න්‍යායපත්‍රය ආපිට හැරවීමටනම් ආණ්ඩුව සතු 2/3 බහුතර බලය අනිවාර්යයෙන්ම අහිමිකළ යුතුව ඇතැයද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.