ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීවරුන්ට ලක්ෂ දෙකක් ගෙවනවා - මහින්ද යාපා


සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
පාර්ලිමේන්තුවේ තෝරා ගත් මන්ත්‍රීවරු පිරිසකට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

 
මේ මුදල ගෙවන්නේ ආණ්ඩුව වෙනුවෙන් කෑ ගසන අයට යැයිද ඔහු කීය.
 
අබේවර්ධන මහතා මේ බව පැවසුවේ විසර්ජන පනත යටතේ යෝජනා පිළිබඳ විවාදයේදීය.
 
මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේද කීය.
 
   ‘‘මේ ලක්ෂ දෙක ගෙවන්නේ  තෝරාගත්තු මන්ත්‍රීවරුන් පිරිසකටයි. ඉතිං ඒ අය ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන එක සාධාරණයි.කිසිම මාධ්‍යයක් මේ ගැන කතා කළේ නැහැ.‘‘