තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.
මේ ආණ්ඩුව පවත්වා ගැනීමට ජනවරමක් නැතැයි ද මන්ත්‍රිවරයා කීවේය.
රටේ අස්ථාවර භාවය ඇති වීමට නම් වත්මන් ආණ්ඩුව කැඩිය යුතු යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
වාසුදේව නානායක්කාර මහතා - ‘‘ මෙවර හොරු යැයි කියපු අය දිනලා. හොරුන් අල්ලනවා යැයි කියපු අය පැරදිලා. අනුර කුමාර කියනවා අහෝ මේ ආණ්ඩුව අස්ථාවර භාවයෙන් මිදෙන්න දෙගොල්ල එකතු වෙන්න කියලා. අපිනම් කියන්නේ අහෝ මේ ආණ්ඩුව කැඩෙන්න කියලා.
රට ස්ථාවර වෙන්න නම් මේ ආණ්ඩුව කැඩෙන්න ඕනා. කරුණාකර පාර්ලිමේන්තු විසිරුවන්න. අපි තුනෙන් දෙකකින් යෝජනාවක් සම්මත කරලා ඡන්දෙකට යමු. මේ ආණ්ඩුව සමාදාන කරන්න තිබෙන රුදාව මොකක්ද දන්නේ නෑ. එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපි සිරිසේනට ජැක් එක ගහන්න ගියා කියලා.
අපි එහෙම ගියේ නෑ. අපි ගියේ පරම හතුරා තනි කරන්නයි. යූඇන්පීය නැති ආණ්ඩුවකට අපි උදව් කරනවා කිව්වා. තිලංග සුමතිපාල මහතා යථා තත්ත්වය කීම ගැන සතුටු වෙනවා. ඒ තත්ත්වයට මුහුණ දීමට බැරිව ගලේ රීපු බළල්ලු වගේ මේක වගහන්න හැදීම ගැන කණගාටුයි.
ජනවරමයි කියන එකට තියෙන්නේ එක නිර්වචනයයි. මැන්ඩේට්. 2015 ජනවරම නැවත පරීක්ෂණයට ලක් කළේ 2018. එයින් ජනවරම හැලුනා. ජනවරමක් නැතිව ආණ්ඩුවට පවතින්න තියෙන හැකියාව මොකක්ද? මේ රටේ මේසා විශාල ජනබලයක් තියෙද්දි ආණ්ඩුව දිගටම පවත්වාගන්න උත්සා කළොත් මේ රටත් අස්ථාවරයි.
පළාත් පාලන ආයතනවල වැඩ කරවා ගන්න නම් අපිට ඡන්දෙ දෙන්න කිව්වා. පළාත් පාලන ඡන්දයෙදි සාමාන්‍යයෙන් ආණ්ඩු බලය තිබෙන අය දිනනවා. ආණ්ඩු බලය තියෙද්දිත් මේ විදියට නිර්භීතව ඡන්දය දුන් ජනතාවට අපේ ප්‍රණාමය පුදකරනවා. මේක ජාතික විශ්වාස භංගයක්. ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. ‘‘ යයිද වාසුදේව නානායක්කාර මහතා පැවසීය.