ආණ්ඩුව කොළ පාට වේවි : මහින්ද ඒවි


එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැතැයි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කියයි.

පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනපති පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් කී ජ්‍යෝතිර්වේදීන් අතර ඔහු ද කෙනකි.

2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බව කී පී ඩී පෙරේරා මහතා ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහු සරකළ අය විසින්ම නිදහස් කරන බවත් කීවේය. ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා කීවේය. පසුගිය මාර්තු මාසයේ අග ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කැරුණු අතර ඔහුට අහිමිවූ විශ්‍රාව වැටුප ඇතුළු සියලු වරප්‍රසාද හිමි විය.

මෙවර මහ මැතිවරණය ගැන ලංකාදීප ‘එසැණ‘ සමග සාකච්ඡාවකට එක් වූ පෙරේරා මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම පරාජය වන බවයි.

එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු කීවේය.

මහ මැතිවරණයේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභලයකු ඇතුළු ප්‍රභලයන් කිහිප දෙනකු පරාජය වන බවත් ඔහු කීවේය.

ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ බලය තරමක් වැඩි වනු ඇති බව ද පෙරේරා මහතා අනාවැකි පළ කරයි.

පෙරේරා මහතාගේ හරිගිය අනාවැකි සහ ඉදිරි මහ මැතිවරණය ගැන කළ සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව පහතින්.

(විශේෂ -  ඉදිරි මහ මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කරන බව කියන ජෝතිර්වේදීන් හට ද එසැණ අවස්ථාව දීමට සුදානමින් සිටී. එවැනි ජෝතිර්වේදියකු සිටී නම් [email protected] විද්‍යුත් ලිපිනයට තම ලිපි එවිය හැකිය. )

(වීඩියෝ සනත් ඩෙස්මන්)