සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තරුණ කැරැල්ලක් ළඟ ළඟම එන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදයේදීය.
අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේද කීය.
‘‘අද මේ රටේ හැම තැනැක්ම කඩා වැටිලා.බොරු තර්ක කියමින් තෙල් මිලත් වැඩි කළා.තෙල් මිල වැඩි කළේ පොඩි ගාණකින් නෙවෙයි.අද අපේ රටේ ගුවන් නියමුවෝ ටිකත් රට හැරලා යනවා. යහපාලන ආණ්ඩුව අද මේ ගන්නේ අවසාන හුස්මයි.ආණ්ඩුවේ හුස්ම තව ටික දවසකින් නැති වෙනවා.‘‘