ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති


(අජන්ත කුමාර අගලකඩ)

පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව, රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිව්රුම් දෙනු ලැබූහ. 

ජනාධිපති නිල නිවසේදී මොවුහු දිවුරුම් දුන්හ.