උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා සාලියපුර වැඩිහිටි නිවාසයේ උත්සවයේදී හදිසියේ ක්ලාන්තවී ඇද වැටීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට නියමිතය.
එම්.අයි 17 හෙලිකොප්ටර් යානයක් අනුරාධපුර ගුවන්තොටුපළේ සූදානමින් තබා ඇති බවත් ආණ්ඩුකාරවරයා රෝහලේ මූලික ප්‍රතිකාරවලින් පසුව කොළඹට මාරු කරන බවත් රෝහලේ වෛද්‍යවරු කියති.

