(ප්‍රේමතිලක පෙරමුණ)
කවුරු කොහොම කිව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කිසිම කොමිසමක් පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) මීගහතැන්නේ දී පැවසීය.
රුපියල් ලක්ෂ 80ක වියදමින් ඉදිකරන ලද මීගහතැන්න නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.
මානව හිමිකම් කොමිසන් සභාව කතා කරන්නේ ප්‍රභාකරන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් ගැන පමණයි මානව හිමිකම් කිව්වම කාටත් පොදුයි. යුද්ධය සමයේ අසූව දශකයේ අග භාගයේදී නැගෙනහිරදී පොලිස් නිලධාරීන් 750 ක් ඝාතනය වීම ඉතා කනගාටුදායක බරපතල, ඛේදජනක සිදුවීමක්.
ආණ්ඩුව ලබා දෙන නිවැරදි තොරතුරු මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල වැරදි තොරතුරු මත පදනම් වී මානව හිමිකම් කොමිසන් සභාව විසින් නිකුත් කර ඇති වාර්තාව වැරදියි. මානව හිමිකම් කොමසාරිස්වරිය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වනවා පසුගිය යුද සමයේ ත්‍රිවිද හමුදාව භාවිතා කළ ඉඩම් නිසි ලෙස ලබා දී නොමැති බවත් ඒ සඳහා ස්වාධීන කොමිසමක් පත් කළ යුතු බවත් ඒ වගේම විදෙස් විනිශ්චකාරවරුන්ගේ මැදිහත්වී වීමක් පසුගිය කාලයේ දිගින් දිගටම මේ අය ඉල්ලා සිටියා.
ඒත් මම කීප අවස්ථාවකම ප්‍රකාශ කර තිබෙනවා ඒ සඳහා ඉඩ ලබා දිය නොහැකි බව මේ රජයේ වැරදි තීන්දු තීරණ මත පසුගිය පෙබරවාරි 25 වෙනිදා මට හොරෙන් සාමූහික වගකීම් භාර ගැනීමේ ප්‍රතිපත්තියට ජිනීවාහී ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා ජනාධිපතිවරයාගේ අවසරය නැතිව ඒවා කරන්න බෑ. සංහිදියා කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස හඳුන්වන රජයේ නිලධාරියෙක් නොවන අයෙක් හදලා යවපු ලියවිල්ලක් නිසා පෙබරවාරි 25 එම ප්‍රතිපත්තියට අත්සන් කර තිබෙනවා.
මේ නිසා ජිනීවා යන නියෝජිතයින් පවා මම වෙනස් කලා.මේ සාමුහික වගකීමේ ප්‍රතිපත්තියට අත්සන් කිරීම ත්‍රිවිධ හමුදාව හා රට පාවාදීමක්. මේවා ගැන මට එලිපිට කියන්න තිබුණත් මම ගියේ පාසැල් හා පන්සල්වල උත්සවවලට පමණක් නිසා මට ඒවා කියන්න බැරිවුණා. අද ඒ අවස්ථාව ලැබුණු නිසා මම ඒවා විවෘතව කියනවා.
ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1948 දක්වා විදේශිකයින්ට යටත්ව සිටි විදියට වක්‍රාකාරව අදත් අපව පාලනය කරන්න උත්සාහ ගන්නවා..1918 විමුක්ති අරගලයේදී දිවි පිදූ අය විදේශිකයින් විසින් ලිපි ලේඛනවලින් හඳුන්වා තිබෙන්නේ කැරලුකරුවන් ලෙස වුණත් ඔවුන් මේ රටේ වීරයෝ සහ දේශප්‍රේමියෝයි. ආර්ථික වශයෙන් බෙදා හදාගැනීම් කළ යුතුයි නමුත් රටක් වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය අපට තිබිය යුතුයි යැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.




