චමිල් රෑපසිංහ
මන්ත්‍රීවරැන් කාගෙන් හෝ මුදල් අරගෙන තිබෙනවා කියා ඔප්පු වී ඇත්නම් ඒ නම් ගම් හෙළි නොකිරීම ගැටලුවක් බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිලා ඇත්තෝ අද මහනුවරදී පැවසූහ.
ආදිවාසී නායකයා මේ බව පැවසුවේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයෙන් ඇරැඹුණු රැකු රෝපන වැඩසටහනක ආරම්භක උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරැ දෙමිනි.
පසුගිය රජය සමයේ මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැතිවරයාගේ බල ප්‍රද්ශයේ ආරම්භ කළ උඩත්තව යහන්ගල පාරේ වැඩ ආණ්ඩු වෙනසින් පසු නවතා දමා ඇති බවත් , තම ගම් පළාතේ මාර්ග වගේම තවත් එවැනි වැඩකටයුතු නැවතී ඇති බවත් වන්නිලා ඇත්තෝ පැවසූහ.
‘අපට අවශ්‍ය මීපැණි දළදා වහන්සේට පූජා කරන්නවත් කඩාගන්න බැරැව හිටියෙ රජයේ නීති නිසා. හිටපු ජනාධිපතිතුමා එක්ක කතා කරල ඒකට අවසර ගත්තා. නමුත් වත්මන් ජනාධිපතිතුමා එක්ක තවම සාකච්ඡාවක් කරලා නෑ. වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා මේ රටේ ජාතින් ගැන කතා කළොත් මුලින්ම ජිවත් වූ ජන කොට්ඨාසයක් තමා අපි. වසර 30000 ක විතර ඉතිහාසයක් තියෙන පරම්පරාවක් තමා අපි. නමුත් වර්තමානයේ අපේ පරම්පරාව ගැන කතා නොකරන අමතක වෙලා වගේ . අපේ අයිතිවාසිකම් මොනාද කියන එක ගැන හොයලා බලල ඒ ගැන කටයුතු කරන එක නම් අඩුයි. මම ඉල්ලන්නෙ මේ පරම්පරාවත් මේ රටේ මුලින්ම හිටපු පරම්පරාවක් නිසා රටේ තියෙන නීති රීති වලට, වගකීම් වලට ඇතුලත් කරල අපේ පරම්පරාවත් රුකගන්න කටයුතු කරන්න කියලා.‘ යැයි ද ආදිවාසී නායකයා පැවසීය.